Saturday, May 19, 2012

කම්පියුටරේ රෙජිස්ටරේ.....






ඉතින් යහලුවනේ කොහොමද ? ඔන්න අද මම ඔයාලව පොඩ්ඩක් මේ රෙජිස්ට්‍රිය ගැන දැනුවත් කරන්න හිතුව. මොකද අපේ ගොඩක් යාලුවො මේ සම්බන්ධව දක්වන්නේ ඉතාම අඩු සැලකිල්ලක් ඇත්තටම මේ රෙජිස්ට්‍රිය තමා අපේ පරිඝණකවල ඇතිවන දෝෂ වලින් 90% කටම වග කියන්න ඕන. ඉතින් මේ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි නේ....


රෙජිස්ට්‍රි ගැටලු හඳුන්වාදීම


අපි අපේ එදිනෙදා පරිගණක සමග ක්‍රියාකිරීමේදී අපි විසින් යම් යම් මෘදුකාංග ස්ථාපනය කිරීම,යම් යම් මෘදුකාංග ඉවත් කිරීම, අන්තර්ජාලයේ සැරිසැරීම හා එහි ඇති යම් යම් ඇප්ලිකේෂන් සමග යම් යම් ක්‍රියාකාරීත්වයන් සිදු කිරීම කරනු ලබයි. මෙසේ අප කරන සෑම දෙයක්ම අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ට්‍රියේ එහෙමත් නැත්නම් පරිගණකයේ මෘදුකාංග හා දෘඩාංග මනා ක්‍රියාකාරීත්වයකින් සම්බන්ධීකරණය සඳහා ඇති මූලස්ථානයේ තොරතුරු ලෙස තැන්පත් වේ.



මෙම රෙජිස්ට්‍රිය, වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා වගකිව යුතු වන අතර එය ඔබේ පරිගණකයේ ඇති සියලුම ඇප්ලිකේෂන් සහ ඔබ විසින් සිදු කරන ලබන කාර්යයන් සඳහාද වගකිව යුතු අංගයක් වේ. ඉතින් මෙලෙස විටින් විට යම් යම් තොරතුරු එකතු කිරීම්, ඉවත් කිරීම් සිදු කිරීමේදී මෙම රෙජිස්ට්‍රියේ අනවශ්‍ය තොරතුරු හා registry holes(රෙජිස්ට්‍රියේ යම් ‍කොටසක ඇති තොරතුරු ඉවත් කිරීමෙන් පසු ඇතිවන ඉඩ) ඇති වෙයි. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ බෙහෝ විට malware, viruses, spyware, Trojans ඔබේ රෙජිස්ට්‍රිය වෙත දූෂ්‍ය තොරතුරු (malicious entries) මුදා හැරීම හෝ එහි ඇති තොරතුරු වෙනස් කිරීමකට ලක් කරනු ලබයි. මෙම සියලු කාරණා වලින් ඔබේ රෙජිස්ට්‍රිය වෙත අහිතකර බලපෑමක් ඇති වේ.


හානි වූ, දූෂ්‍ය වූ රෙජිස්ට්‍රියකින් ඔබේ පරිගණකයේ විවිධ පද්ධති දෝෂ ඇති කරනු ලබන අතර ඉන් ඔබේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයටද සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම අවස්ථාවන් වලදී ඔබ විසින් නිරන්තරයෙන්ම පද්ධති බිඳ වැටීම්(system crashes) හා පද්ධති ඇණ හිටීම් (system freezes) වලට ලක්වේ. 
ඔබේ පරිඝණකයේ ඇතිවන 90% පමණ ගැටලු ඇති වන්නේ මෙම වින්ඩොස් රෙජිස්ට්‍රිය හේතුකොටගෙන ඇතිවන ගැටලු පදනම් කොටගෙනය. පහත දැක්වෙන්නේ එවන් ගැටලු කිහිපයකි.

1. ඔබේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන වීම (performance loss)
2. නිතර සිදුවන පද්ධති දෝෂ (DLL දෝෂ, ActiveX දෝෂ, Rundllදෝෂ)
3. පද්ධති ආරම්භය (startup) හා අවසන් කිරීම (shutdown) මන්දගාමී වීම.
4. නිරන්තර සිදුවන පද්ධති බිඳ වැටීම්(system crashes).
5. රෙජිස්ට්‍රියේ Malware පැතිරීම.
6. මෙම තත්ත්ව ඉතා දරුණු වීමේදී ඔබේ හාර්ඩ් ඩිස්කය පවා බිඳ වැටීම දක්වාත් ගමන්කොට පරිගණකය boot කිරීමට පවා නොහැකි විය හැකිය.

ඉතින් මෙවන් වටිනා රෙජිස්ට්‍රිය රැක ගන්නේ කෙසේද ?



මෙය යථා තත්ත්වයේ පවත්වා ගැනීමට නම් ඔබ ඔබේ රෙජිස්ට්‍රිය අනවශ්‍ය තොරතුරු වලින් තොරව තබා ගත යුතුයි. මෙය කිරීම සඳහා දැනට යම් යම් සමාගම් විසින් ලෝක ව්‍යාප්තව බොහෝ මෘදුකාංග සකස් කර අන්තර්ජාලයේ බෙදා හැර ඇත.
උදා

1. Tuneup Utilities (registry cleaner)
2. CC Cleaner
3. Wise Registry Cleaner
4. Auslogics Registry Cleaner


මෙවැනි බොහෝ මෘදුකාංග මෙන්න මේ ලින්කුව භාවිතයෙන් බා ගත කර ගන්න
http://pcsupport.about.com/od/toolsofthetrade/tp/free-registry-cleaner-programs.htmඔබට මින් හොඳ මෘදුකාංගයක් භාවිතා කොට ඔබේ රෙජිස්ට්‍රිය මනාව පවත්වා ගැනීමේ හැකියාව ඇත.


මෙවන් මෘදුකාංගයකින් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද ?



ඔබේ රෙජිස්ට්‍රිය පරික්ෂා කොට එහි ඇති දූෂ්‍ය කොටස් හඳුනාගෙන ඒවා යථා තත්ත්වයන්ට පත් කිරී‍මෙන් වැරදි DLL වර්ග, යල් පැන ගිය සටහන් (entries), වැරදි ලෙස ඇති වැඩසටහන් shortcuts හා registry holes නැති කීරීම ආදී බොහෝ වැරදි යලි යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඔබ සතු වනු ඇත. ඔබේ පරිගණකමය අත්දැකීම් ඉතාමත් මිහිරි හා වේගවත් කිරීම සඳහා මෙම රෙජිස්ට්‍රිය නිරවද්‍යව තබා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් වන බවත්, අප සොයුර සොයුරියන් මීට වඩා මේ කරුණ සම්බන්ධව අවධානය යොමු කර කිසියම් හෝ මෘදුකාංගයක් මගින් තම තමන්ගේ රෙජිස්ට්‍රි පිරිසිඳුව හා යවාත්කාලීනව තබා ගන්න යැයි මතක් කරමින් අදට නවතිමි.


වැඩිදුර තොරතුරු ලබා ගත්තේ
GOOGLE දෙවියන්වහන්සේගෙනි.....

1 comments:

  1. මම අහල තියනවා ගොඩක් වැඩ වෙන්නෙ registry 1 හරහා කියලා...
    ඒවත් ඉදිරිපත් කරන්න පුලුවන්නම් හොදයි නාමා..
    මම ආසයි මට ඕන විදියට customize කර ගත්ත PC එකක වැඩ කරන්න..

    ReplyDelete