Saturday, May 19, 2012

නෝට් පෑඩ් එකෙන් වෙබ් සයිට් බ්ලොක් කරමු ??




ඔන්න අද කියල දෙන්නෙ පොඩි Tip එකක්.අපිට කවද හරි දවසක කිසියම් වෙබ් අඩවියකට අපේ පරිගණකයෙන් ඇතුළුවීම වළක්වන්න ඕන කියල හිතුනොත් අපි ඒක කරන්නෙ කොහොමද? දැන් කවුරු හරි අහයි ඇයි එහෙම කරන්නෙ කියල. අපි කියමු මට අපේ ගෙදර ඉන්න මගේ නංගි හරි මල්ලි හරි අසභ්‍ය වෙබ් අඩවියක් එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වෙබ් අඩවියකට ඇතුල් වෙන එක වළක්වන්න ඕන කියල, නැත්නම් කාර්යාලයේ කස්ටිය Facebook යන එක නවත්තන්න ඕන කියල ;) . ඒකට දැන් ඕන තරම් මෘදුකාංග තියෙනව. ඒත් මම අද කියන්නෙ කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර, අපේ notepad එකෙන්ම කොහොමද අදාල වෙබ් අඩවියට අපේ පරිගණයෙන් ඇතුලු වීම වළක්වන්නෙ කියල. මේකට අපි Power user කෙනෙක්, එහෙමත් නැත්නම් Administrative ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන (එහෙම නැතුවත් පුළුවන් ඒත් දැනට මම මෙහෙම කියල දෙන්නම්). කරන්න තියෙන පියවරයන් මම එකින් එක කියල දෙන්නම්.   

පියවරයන්


1. Run එකට ගිහින් C:\WINDOWS\system32\drivers\etc කියල Type කරල ok කරන්න
2. එම ෆෝල්ඩරයේ "HOSTS" නමින් ඇති ෆයිල් එක තෝරා ගන්න
3. ඒක notepad එකෙන් ඕපන් කරන්න. (Open with > Notepad)
4. ඒකේ "127.0.0.1 localhost" කියන එකට යටින් 127.0.0.2 කියල දාලා ඔයාලට බ්ලොක් කරන්න ඕන සයිට් එකේ නම දෙන්න.
5. එච්චරයි


එතකොට ඒ ෆයිල් එක තියෙන්නෙ මෙහෙමයි.


127.0.0.1 localhost
127.0.0.2 www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com


දැන් "www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com" කියන එකට ඔයා‍ගෙ මැෂීන් එකෙන් යන්න බැහැ. මේ වගේ කිහිපයක් දාගන්න ඕනෙ නම් පල්ලෙහාට පල්ලෙහාට දාන්න. මතක ඇතුව අන්තිම ඉලක්කම වෙනස් කරන්න. මෙන්න මේ වගේ


127.0.0.3 www.බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.4 www.තව බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.5 www.තවත් බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com


ඔන්න ඔය ව‍ගේ දාගෙන යන්න පුළුවන්. කරල බලන්න. මතක ඇතුව අන්තිමට මේක සේව් කරන්න.  


(සැ.යු - ඔබ ආධුනිකයෙක් නම් මෙම ෆයිල් එක (HOSTS) බැකප් කර මෙම ක්‍රියාව කර ගන්නා ලෙසත්, මෙය වැරදි ලෙස සිදු කර ඔබගේ පරිගණකයට සිදුවන කිසිදු හානියක වගකීම මම (උදාර නාමල්) ‍භාර නොගන්නා බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.)




බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!



1 comments: