Thursday, June 21, 2012

අපිට වැදගත් වන Windows shortcuts.

Windows system key combinations
·         F1  : උපකාර
·         CTRL+ESC: Start මෙනුව විවෘත කිරීම
·         ALT+TAB: විවෘත කර ඇති වැඩසටහන් අතර මාරුවීම
·         ALT+F4: වැඩසටහනකින් ඉවත් වීම
·         SHIFT+DELETE: කිසියම් අයිතමයක් නිත්‍ය ලෙස මකා දැමීම
·         වින්ඩෝස් යතුර +L: පරිගණකය අගුළු දැමීම (CTRL+ALT+DELETE යතුරු භාවිතා නොකොට)

 Windows program key combinations

·         CTRL+C: Copy කිරීම
·         CTRL+X: Cut කිරීම
·         CTRL+V: Paste කිරීම
·         CTRL+Z: Undo කිරීම
·         CTRL+B: Bold කිරීම
·         CTRL+U: Underline කිරීම
·         CTRL+I: Italic කිරීම

Mouse click/keyboard modifier combinations for shell objects

·         ALT+double click      : properties පෙන්නුම් කිරීම
·         ALT+ENTER               : properties පෙන්නුම් කිරීම

Shell objects and general folder/Windows Explorer shortcuts

තෝරා ගත් දේ:
·         F2: නැවත නම් කිරීම
·         F3: සියළු ගොනු සෙවීම

අයිතමයක් copy කිරීම සඳහා
ඔබ යම් ගොනුවක් තවත් තැනකට ඇදගෙන (drag) කරගෙන යාමේදී CTRL යතුර ඔබාගෙන සිටින්න

කෙටි මගක් (shortcut) සෑදීම සඳහා
ඩෙස්ක්ටොපට මතට යම් ගොනුවක් ඇද දැමීමේදී CTRL+SHIFT යතුරු දෙක ඔබාගෙන සිටින්න

General folder/shortcut control

·         F5: Refresh කිරීම.
·         F6: Windows Explorer හි pane අතර මාරු වීම
·         CTRL+Z: අවසාන වතාවට කල විධානය undo කිරීම
·         CTRL+A: දැනට සිටින වින්ඩෝවේ ඇති සියළු අයිතම තෝරා ගැනීම.

Windows Explorer tree control

·         Numeric Keypad *: තෝරා ඇති තේරීමේ ඇති සියලු දේ දිගු කිරීම්
·         Numeric Keypad +: තෝරා ඇති දේ පමණක් දිගු කිරීම
·         Numeric Keypad -: තෝරා ඇති දේ හැකිලීම
·         RIGHT ARROW: තෝරා ඇති දේ දිගු කිරීම නැතහොත්, පළමු දරු (child directory) වෙත යාම
·         LEFT ARROW: තෝරා ඇති දේ හැකිලීම නැතහොත්, පළමු මව් (parent directory) වෙත යාම

Accessibility shortcuts

·         StickyKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා SHIFT යතුර පස් වතාවක් ඔබන්න
·         FilterKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා දකුණු SHIFT යතුර තත්පර 8ක් ඔබා සිටින්න
·         ToggleKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා NUM LOCK යතුර තත්පර 5ක් ඔබා සිටින්න
·         MouseKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා වම් ALT+left SHIFT+NUM LOCK යතුරු ඔබන්න
·         high contrast ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා වම් ALT+left SHIFT+PRINT SCREEN යතුරු ඔබන්න

Microsoft Natural Keyboard keys

·         Windows Logo: Start මෙනුව
·         Windows Logo+R: Run විධාන ක්‍රියාත්මක කිරීම
·         Windows Logo+M: සියලු වින්ඩෝස් Minimize කිරීම
·         SHIFT+Windows Logo+M: minimize කල වින්ඩොස් සියල්ල නැවත යථා තත්ත්වයට ගෙන ඒම
·         Windows Logo+F1: උදව්
·         Windows Logo+E: Windows Explorer ක්‍රියාත්මක කිරීම
·         Windows Logo+F: සියලු files සහ folders සෙවීම
·         Windows Logo+D: සියලු වින්ඩොස් Minimize කර ඩෙස්ක්ටොපය පෙන්වීම
·         CTRL+Windows Logo+F: Find compute ධාවනය කිරීම
·         Windows Logo+TAB: taskbar බොත්තම් අතර මාරුව
·         Windows Logo+Break: System Properties පෙන්වීම

Dialog box keyboard commands

·         TAB: dialog box හි ඇති අනෙක් පාලකය වෙත යාම
·         SHIFT+TAB: dialog box හි ඇති කලින් තිබූ පාලකය වෙත යාම
·         SPACEBAR: දැනට ඇති පාලකය බොත්තමක් නම්, එය එබීම, එය check box එකක් නම්, එය තේරීම/නොතේරීම.

Friday, June 1, 2012

පරිගණකයක් භාවිතා කිරීමේදී නිවැරදි ආකාරයට හිඳ ගන්නේ කෙසේද ?

පියවර 1: ඔබ භාවිතා කරන පුටුව

  • හැකි තරම් ඔබේ ඉන ප්‍රදේශය පුටුව දෙසට යවන්න.
  • ඔබේ යටි පතුල් පොලවේ තිරස් වන සේත්, ඔබගේ දණහිස් ඔබේ ඉන ප්‍රමාණයට හෝ ඊට වඩා මදක් පහලට වනසේ  පුටුවේ උස අවශ්‍ය පරිදි සකසා ගන්න.
  • ඔබේ පුටුවේ කෝණය අංශක 100°-110° පමණ ඇලයට තබා ගන්න. ඔබේ පිටේ යට කොටස හොඳින් ආධාරක කර ගන්න.  අවශ්‍ය නම් කුඩා කොට්ටයක් වැනි යමක් භාවිතා කරන්න. ඔබ හිඳ ගන්නා පුටුවේ ඔ‍බේ පිට තබන කොටස වෙනස් කර අවශ්‍ය පරිදි සාදා ගත හැකි නම් එසේ අවශ්‍ය පරිදි සාදා ගන්න

පියවර 2: ඔබේ යතුරු පුවරුව

  •  යතුරු පුවරුව ඔබ ලඟින්ම තබා ගන්න.
  • යතුරු පුවරුව ඔබේ ශරීරයට හරි කෙලින් තබා ගන්න.
  • ඔබ යතුරු පුවරුවේ වඩාත්ම භාවිතා කරන කොටස හඳුනා ගන්න.  එය ඔබේ ඔබේ ශරීරයට කෙලින්ව සිටින සේ තබා ගන්න..
  • ඔබේ යතුරු පුවරුවේ උස වෙනස් කරන්න, එය ඔබේ උරහිස් ඉහිල් වන ආකාරයට තබා ගන්න. ඔබේ වැලමිට මදක් විවෘත ආකාරයෙන් තබා ගන්න(100° to 110°). එමෙන්ම ඔබේ දෙඅත් සහ මැණික් කටුව ඍජුව තබා ගැනීමද වැදගත් වේ. 
  • ඔබේ යතුරු පුවරුව තබා ගත යුතු ඇලය රඳා පවතින්නේ ඔ‍බ හිඳ‍ගෙන සිටින පිහිටීම අනුවයි. ඔබ ඍජුව හිඳ ගෙන සිටින්නේ නම් ඔබ සිටින ඇලයට ප්‍රතිවිරුද්ධ දිශාවට යතුරු පුවරුව ඇල කර ගන්න. ඔබගේ හිඳ ගැනීමේ ඉරියව්ව මදක් ඇල නම් ඔබ‍ සිටින දිශාවටම යතුරු පුවරුව ඇල කර ගන්න. ඔබගේ මැණික් කටුව ප්‍රදේශය හැම විටම කෙලින් තබා ගැනීම වැදගත් වේ.
  • යතුරු පුවරුව භාවිතා කර විවේක ගැනීමේදී ඔබේ දෙඅත්ල පුවරුවේ ස්පර්ශ වන ආකාරයට තබන්න. යතුරු භාවිතා කරන අතර තුර අත්ල එය මත තැබීමෙන් වළකින්න. අත තබත්දී හැම විටම දෙඅත් එකිනෙකට ලඟින් තබා ගන්න. ඔබ ඔබේ යතුරු පුවරුවේ දෙඅත්ල තබල ස්ථානය Space Bar යතුරට වඩා උස නොවීමද වැදගත්ය.
  • මවුසය, යතුරුපුවරුවට හැකි තරමින් ලංව තබා ගන්න. එය ආනතව තබා ගැනීම තුලින් එය යතුරු පුවරුවට ආසන්නව තබා ගැනීමට උපකාරී වේ.

ඔබට ඔබේ යතුරුපුවරුව තිබෙන ආකාරය වෙනස් කළ නොහැකි නම් ඔබට ඔබේ වැඩ පරිසරයේ උස, පුටුවේ උස අදිය වෙනස් කරන්න. අවශ්‍ය නම් කුඩා කොට්ටයක් වැනි යමක් භාවිතා කර සුවපහසු ආකාරයකට සකසා ගන්න. ඔබ හිඳ ගත් පසු ඔබගේ කකුල් බිම නොගෑවේ නම් කකුල් තැබීම සඳහාද යමක් භාවිතා කිරීමට මතක තබා ගන්න.


 පියවර 3: තිරය, ලියකියවිලි සහ දුරකථනය

ඔබ ලියන කටු සටහන හෝ තිරය වැරදි ලෙස තබා ගැනීමෙන්ද නොගැලපෙන ඉරියව් මතුවේ. ඔබගේ කටු සටහන හා තිරය ඔබගේ බෙල්ල ප්‍රදේශයට පහසු මධ්‍යස්ථ ස්ථානයක තබා ගන්න.

  • ඔබගේ තිරය හරි කෙලින් ඔබගේ යතුරු පුවරුවට ඉහලින් තබා ගන්න.
  • මොනිටරයේ තිරස් උඩ දාරය ඔබගේ ඇස් මට්ටමට වඩා අඟල් 2-3 පමණ උස්ව තබා ගන්න.
  • තිරයේ සිට අතක් දිග ප්‍රමාණයෙන් දුරස්ව හිඳ ගන්න. පසුව දුර ප්‍රමාණය ඔබේ පෙනීමේ මට්ටමට හරිගස්වා ගන්න.
  • වැඩි දීප්තිය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබ සිටින ස්ථානය වෙනස් කර ඇස් වලට ලැබෙන දීප්තිය අඩු කර ගන්න.
  • ඔබගේ දුරකථනය ලෙහෙසියෙන්ම ලඟා විය හැකි තැනක තබා ගන්න

පියවර 4: විරාමයන් සහ නැවතීම්

ඔබ ඔබේ වැඩ පරිසරය නිවැරදි ලෙස සකසා ගත් පසු හොඳ වැඩ පුරුදු භාවිතා කරන්න. වැඩ පරිසරය කොතරම් ‍නිර්දෝෂ වූවත්, දීර්ඝ, ඒකාකාරී ඉරියව් ඔබේ සිරු‍රේ රුධිර ගමනාගමනය හරි හැටි වීම වළක්වාලයි, එයින් යම් යම් අපහසුතාවයන් හට ගනී.


  • සෑම වැඩ කරන විනාඩි 20 – 30 කට වරක් විනාඩි 1-2 කාලවල විරාමයන් ලබා ගැනීමට මතක තබා ගන්න. සෑම පැයකටම පසුව විරාමයක් ලබාගෙන විනාඩි 5 – 10 ක වෙනත් කාර්යයක නිරත වන්න. දිවා විවේකයේදී ඔබේ පරිගණකයෙන් සැම විටම ඉවත් වන්න. 
  • කලින් කල විවේක ලබා දීම, ඇස් තිරයෙන් ඉවත් කිරීම මගින් ඇස් අපහසුතාවයන්ට පත් වීම වළක්වාගන්න. වරින් වර මොනිටරයෙන් ඉවත බලා වෙන දුරින් ඇති යමක් දෙස ඇස් යොමු කරන්න.
  • අත්ල වලින් ඇස් වසා ගැනීම මගින් ඔබේ ඇස් වලට විවේකයක් ලබා දෙන්න. මෙය තත්පර 10 – 15 අතර කාලයක් කරන්න.
  • හැමවිටම නිවැරදි ඉරියව් භාවිතා කරන්න. වැඩ වල නිරත වීමේදී හැකි තරම් චලනය වන්න. ඒකාකාරීව සිටීමෙන් වළකින්න.