Wednesday, December 12, 2012

ඩ්‍රයිවර් නැතිදා..... :(


ඔයාලත් කවදාහරි දවසක ඔයාලගේ පරිගණකය Foramt කරන්න කලින් ඩ්‍රයිවර්ස් බැකප් කර ගන්නෙ නැතිව පස්සෙ ලතවෙලා තියෙනවද ? මම නම් එහෙම වද වෙලා තියෙන වාර අනන්තයි.

ඉතින් මම හොයාගෙන හොයාගෙන ගියා මේකට විසඳුමක්, manual විදිහට බැකප් කරන එක පට්ට එපා වෙන වැඩක් නිසා මම මේකට සොෆට් කෑල්ලක් තියෙනවද නැද්ද කියල ගූගල් දෙවියන්වහන්සේගෙන් අහල බැලුව. මෙන්න මට කවදත් පිහිට වෙන ගූගල් දෙයිය ඩූ....න් ගාලා මට දුන්න මේ Driver grabber කියන Software එක. ඉතින් තෑග්ගෙන් තෑග්ග උතුම් කියල මොකෙක්ද එකෙක් කියල තියෙන නිසා මමත් ඒ බෙදා ගන්න හිතුව.

පල්ලෙහා ලින්ක් එකේ සොෆට් එක තියෙනව. කරන්න ඕන දේවල් ටික මම කියන්නම්. තව පොඩි වීඩියෝ කෑල්ලකුත් ඇති ඒකත් බලන්ඩකෝ තෙරෙන් නැති කස්ටිය...

http://www.mediafire.com/?49e50fa1xifc4tb


කර ගන්න විදිහ කියන්නම් එහෙනම්

1. ඉස්සෙල්ලම ඔය උඩ තියෙන එක භා ගෙන ඉන්ඩලකෝ.

2. දැන් ඕක Extract කරල ඩබල් ක්ලික් කොරන්ඩලා මෙයාලා.
3. දැන් බලා ඉද්දි සට සට ගාලා තියෙන සම්බ සකල මනාවම (ඔක්කෝම ඩ්‍රයිවර්ස්) බැකප් වෙයි
4. බැකප් වෙච්ච එව්ව මෙව්ව ඔක්කෝම පිලිවෙලට Drivers කියන ෆෝල්ඩර් එකේ ඇති.


එච්චරයි......

දැන් අපිට ඕන වෙලාවක බැකප් කර ගත්ත ඩ්‍රයිවර්ස් වලින් අපේ මැෂින් එක ෆෝමැට් කරපු වෙලාවක නැවත වරක් කිසි ප්‍රශ්නයක් නැතිව ඩ්‍රයිවර්ස් දා ගන්න පුලුවන්...

එහෙනම් අදට මම ගියා.... අවුලක් එහෙම තියෙනව නම්, මේ කියල තියෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම්, මෙන්න මේ වීඩියෝ එක බලන්න තේරෙයි.

සුභ දවසක්.... ජය වේවා !!!


මෙන්න වීඩියෝ එක

4 comments:

  1. Post එකට තෑන්ක්ස්..... ඒත් කොහොමද backup කරපු Drivers ටික install කරගන්නේ?

    ReplyDelete
  2. ඉතින් සහෝ අපි ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන විසාර්ඩ් එක මතකද ? එන්න එතනදී dont search i will choose the driver to install කියල තෝරල ඩ්‍රයිවර්ස් තියෙන තැන දෙන්න. නැත්නම්, My Computer උඩ Right Click කරල, ඩ්‍රයිවර්ස් නැති Device එක උඩට ගිහින් update Driver Option එක ‍තෝරල වැඩේ කර ගන්න පුළුවන්.

    ReplyDelete
  3. Ah machan...
    මේක මටද කිව්වේ...?

    ReplyDelete
  4. එහෙම හිතුවත් කමක් නෑ ඉතින්... :P හි හි

    ReplyDelete