Wednesday, May 30, 2012

පින්තූර ඇතුලෙ ෆයිල් හැංගිලි



ඔන්න අද කියල දෙන්නෙ ඔයාල‍ගෙ යම් යම් ෆයිල් පින්තූර (JPG) ඇතුලෙ හංගන්නෙ කොහොමද කියල... මේක කලාට පස්සෙ පින්තූරෙ double click කලාම පින්තූරේ පෙන්වන අතර right click කරල RAR වලින් ඕපන් කලොත් ඒක ඇතුලෙ තියෙන ෆයිල් එක පිටතට Extract කර ගන්න පුලුවන්... ෂෝක් නේ.. දැන් බලමු ඔය වැඩේ කරන්නේ කොහොමද කියල..
මේකට අවශ්‍ය වෙන්නේ WinRAR විතරයි.

1. පළමුවෙන්ම ඔයාට පාවිච්චි කරන්න ඕන පින්තූරය(JPG) එක තෝරගන්න. (මේ උදාහරණයේ ඒ පින්තූරෙ නම hidefiles.jpg)

2. පස්සෙ ඔයාට හංගන්න ඕන ෆයිල් එක තෝරගන්න (අපි හිතමු TXT ෆයිල් එකක් කියල)

3. දැන් ඔය දෙකම එකම ෆෝල්ඩර් එකක දා ගන්න. (උදාහරණයේ ලොකේෂන් එක -C:/hide )

4. දැන් හංගන්න ඕන එක (උදාහරණයේ නම් TXT ෆයිල් එක) තෝරලා රයිට් ක්ලික් කරලා Add to archive දීල, නමක් දෙන්න (මේකෙදි අපි my_secret.rar කියල නමක් දෙනව හො‍ඳේ). 

දීල OK කරන්න. දැන් RAR ෆයිල් එකක් හැදුනනේ. (ඒකේ නම my_secret.rar)

5. දැන් command prompt ගිහින් ඔයාගේ ෆයිල් එක දාපු තැනට cmd එකෙන් යන්න.. (උදා - මේ උදාහරණේ හැටියට cd c:/hide) (ඔයාලගේමේක වෙන තැනක් නම් cd ටයිප් කරල ඩ්‍රයිව් එකේ නම/ෆෝල්ඩර්_1/ෆෝල්ඩර්_2/ෆෝල්ඩර්_3) (cd D:/my files/……/…../……)වගේ

6. දැන් පල්ලෙහා තියෙන කමාන්ඩ් ලයින් එක ගහල Enter ඔබන්න.
සැ.යු - ඔබ මෙය කිරිමේදී මෙහි hidefiles.jpg ෆයිල් එකේ නම වෙනුවට ඔබගේ JPG එකේ නම යොදන්න.
මේ උදාහරණේ හැටියට මම මේ අලුතින් හැදෙන ෆයිල් එකට දෙන නම secretimage.jpg බව කරුණාවෙන් සලකන්න

copy  /b hidefiles.jpg + my_secret.rar secretimage.jpg    (my_secret.rar මේ දෙක මැද එක ස්පේස් එකක් තියන්ඩෝ secretimage.jpg)

දැන් ඔබට cmd එකේ ෆයිල් එකක් කොපි වූ බව දන්වනු ඇත. දැන් Cmd එකෙන් පිට වන්න.

දැන් වැඩේ හරි, දැන් ඔයා අර ඔයාගෙ ෆයිල් ටික දාපු තැනට ගිහින් බලන්න secretimage.jpg කියල පින්තූරයක් ඇති. ඒක ඕපන් කලාම සාමාන්‍ය පින්තූරෙ තමා පෙන්නන්නේ. ඒත් ඒක රයිට් ක්ලික් 

කරල RARවලින් ඕපන් කලාම අර අපි ඉස්සෙල්ල හංගපු ෆයිල් එක තියෙනව නේද ??? හි හි...

දැන් කස්ටිය මගෙන් අහන්න එපා මොනවද අපි හංගන්නෙ කියල.. ඕන එකක් හංගගන්න.

Tuesday, May 29, 2012

මොන මල වදයක්ද මේ write protect ???


ඔන්න ඉතින් මේ දවස් ටිකේ මම බලාගෙන බලාගෙන යද්දි මම දැක්ක අපේ යාලුවො ගොඩ දෙනෙක් තමන්ගෙ පෙන් වල හරි මෙමරි කාඩ් වල හරි එන මේ write-protected ප්‍රශ්නය ගැන අහල තැන් තැන් වල පෝස්ට් දාල තිබ්බ. ඔන්න ඉතින් ඕක නැති කර ගන්න විදිහක් හම්බවුනා. මේක ඉතින් එච්චරම අමාරු නෑ. හරියට කලොත් වැඩේ ගොඩ. ඔන්න එහෙනම් මම කරන පියවරයන් එහෙමම කරන්න.


1. Registry Editor ඕපන් කර ගන්න (Run > regedit )


2. ඒකේ මෙන්න මේ registry key  එක තියෙන තැනට යන්න.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control


3. Control රෙජිස්ට්‍රි කී එකේ Right click කරල new > key යන්න


4. ඒක  StorageDevicePolicies නමින් සේව් කරන්න. (ඒ නම මෙතනින් කොපි කරගෙන එතන පේස්ට් කර ගන්න)


5. දැන් ඒ StorageDevicePolicies,  Right click කරල new > DWORD value ගිහින් ඒක WriteProtect නමින් නම් කර ගන්න.


6. දැන් ඒක  Double click කරල ඒකේ value එක 0 කරන්න.


එච්චරයි !!! දැන් ඔයාගෙ මැෂින් එක Restart කරල ගන්න. දැන් බලන්න අවුල නෑ නේද ??? 
ඒත් වැඩ නැද්ද ??? මළ තොප්පියයි !!! එහෙනම් ඕක ගහල තියෙද්දිම මැෂින් එක Restart කරල ගන්න..
හි.... හි...... දැන් වැඩ නේද ???? 

පාස්වර්ඩ් දාපු RAR ෆයිල් ???


ඔන්න යාලුවනේ අද කියල දෙන්නේ පාස්වර්ඩ්ස් දාල තියෙන ෆයිල්වල තියෙන පාස්වර්ඩ් RAR Password Unlocker මෘදුකාංගය භාවිතා කර ලබා ගන්නෙ කොහොමද කියන එකයි. 

ඔන්න අපි හිතමු අපි ගාව පාස්වර්ඩ් එකක් දාපු  RAR ෆයිල් එකක් තියෙනව කියල. ඒකේ පාස්වර්ඩ් එක අපි දන්නෑ එහෙමත් නැත්නම් අපිට ඒ පාස්වර්ඩ් එක මතක නෑ කියමු‍කෝ. ඉතින් අපි කොහොමද ඒ RAR ෆයිල් එකේ තියෙන අපිට අවශ්‍ය ෆයිල් ටික ගන්නේ??? දැන ගන්න ඕනෙ නම් පල්ලෙහාට කියවන් යන්න.

අපි පාස්වර්ඩ් එකක් දාපු ෆයිල් එකක් Extract කරන්න යද්දි මෙන් මේ වගේ Window එකක් එනව නේ. 
දැන් මේකෙ අපි මොකක් ඇතුලත් කලත් OK කරන්න පුලුවන්. ඒත් ඒක Extract වෙද්දි මෙන්න මේ වගේ Error Massage එකක් එනව නේද? 
දැන් මොකද කරන්නේ? හි හි... බය වෙන්න එපා මම කියල දෙන්නම් කොහොමද ඔයාලට අවශ්‍ය වැඩේ කර ගන්නෙ කියල

මුලින්ම කරන්න තියෙන්නේ පල්ලෙහා ඇති Link එකට ගිහින් RAR Password Unlocker මෘදුකාංගය බාගත කර ගන්න එකයි. බය වෙන්න එපා මේක ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒකේම ඒ මෘදුකාංගයට අදාල ක්‍රැක් එකත් ඇති (මට ස්තූතිවන්ත වෙන්න). 

http://www.mediafire.com/download.php?2n4aujlvb97rbjd

හරි දැන් ඔයාලා සොෆ්ට් එක දා ගත්ත නේ. දැන් කරන්න තියෙන්නෙ අවශ්‍ය RAR ෆයිල් එක ඕපන් කරල START බොත්තම ඔබන එකයි. මෙතනදි ක්‍රම කිහිපයක් භාවිතා කරල මේ වැඩේ කරන්න පුළුවන්. 

1. Brute-force Attack
2. Dictonary Attack   (මේ ක්‍රම ගැනත් ඉදිරියේදී කියල දෙන්නම්)

මෙතනදි ෆයිල් එකට දීල තියෙන පාස්වර්ඩ් එක ටිකක් දිගයි නම් ඒක Recover කර ගන්න යන වෙලාවත් ටිකක් වැඩියි. උත්සහ කරල බලන්න. 
පාස්වර්ඩ් එක හොයා ගත්තම මෙන්න මේ වගේ වින්ඩෝ එකක ඒ ෆයිල් එකට අදාල පාස්වර්ඩ් එක පෙන්නයි... හි හි...

Saturday, May 19, 2012

XP 1 ක්ලික් එකෙන් ලොක් කරමුද ?



අද කියන්නෙ Windows XP වල User Account එකක් එක ක්ලික් එකකින් ලොක් කරන්නෙ කොහොමද කියල. මේක ඉතාම සරල විදිහක් මේකෙන් ඉතාම ඉක්මණින් අපේ ගිණුම ලොක් කරන්න පුළුවන් (ලොක් කරනව කිව්වම බය වෙන්න එපා. මේකෙන් වෙන්නෙ අපිව Log on screen එකට අරන් යන එකයි)


මේ පහත පියවරයන් අනුගමනය කරන්න. ඉතාම ලේසියි...


පියවර 1 - desktop එකේ Right click කරල New > Shortcut යන්න.


පියවර 2 - දැන් එන dialog box එකේ Type the location කියන තැනට rundll32 user32.dll,LockWorkStation කියල දෙන්න


පියවර 3 - Next කරන්න


පියවර 4 - දැන් Type a name for this shortcut කියන තැන ඕගොල්ලන්ට ඕන නමක් දාගන්න. දැන් Finish ඔබන්න.


පියවර 5 - දැන් අර ඩෙස්ක්ටොප් එකේ තියෙන ඉස්සෙල්ල ඕගොල්ලලො දීපු නමින් ෆයිල් එකක් තියෙනව නේද ? ඒක ක්ලික් කරපු ගමන් මැෂින් එක ලොක් වෙයි.. හරි අමාරුවෙන් වම් අතේ වෙද ඇඟිල්ලයි මාපට ඇඟිල්ලයි දකුණු අතේ දබර ඇඟිල්ලයි පාවිච්චි කරල කරන දේ (Alt+Ctrl+Del) එක ක්ලික් එකෙන් කර ගන්න පුලුවන්. හි... හි....




බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!

නෝට් පෑඩ් එකෙන් වෙබ් සයිට් බ්ලොක් කරමු ??




ඔන්න අද කියල දෙන්නෙ පොඩි Tip එකක්.අපිට කවද හරි දවසක කිසියම් වෙබ් අඩවියකට අපේ පරිගණකයෙන් ඇතුළුවීම වළක්වන්න ඕන කියල හිතුනොත් අපි ඒක කරන්නෙ කොහොමද? දැන් කවුරු හරි අහයි ඇයි එහෙම කරන්නෙ කියල. අපි කියමු මට අපේ ගෙදර ඉන්න මගේ නංගි හරි මල්ලි හරි අසභ්‍ය වෙබ් අඩවියක් එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වෙබ් අඩවියකට ඇතුල් වෙන එක වළක්වන්න ඕන කියල, නැත්නම් කාර්යාලයේ කස්ටිය Facebook යන එක නවත්තන්න ඕන කියල ;) . ඒකට දැන් ඕන තරම් මෘදුකාංග තියෙනව. ඒත් මම අද කියන්නෙ කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර, අපේ notepad එකෙන්ම කොහොමද අදාල වෙබ් අඩවියට අපේ පරිගණයෙන් ඇතුලු වීම වළක්වන්නෙ කියල. මේකට අපි Power user කෙනෙක්, එහෙමත් නැත්නම් Administrative ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන (එහෙම නැතුවත් පුළුවන් ඒත් දැනට මම මෙහෙම කියල දෙන්නම්). කරන්න තියෙන පියවරයන් මම එකින් එක කියල දෙන්නම්.   

පියවරයන්


1. Run එකට ගිහින් C:\WINDOWS\system32\drivers\etc කියල Type කරල ok කරන්න
2. එම ෆෝල්ඩරයේ "HOSTS" නමින් ඇති ෆයිල් එක තෝරා ගන්න
3. ඒක notepad එකෙන් ඕපන් කරන්න. (Open with > Notepad)
4. ඒකේ "127.0.0.1 localhost" කියන එකට යටින් 127.0.0.2 කියල දාලා ඔයාලට බ්ලොක් කරන්න ඕන සයිට් එකේ නම දෙන්න.
5. එච්චරයි


එතකොට ඒ ෆයිල් එක තියෙන්නෙ මෙහෙමයි.


127.0.0.1 localhost
127.0.0.2 www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com


දැන් "www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com" කියන එකට ඔයා‍ගෙ මැෂීන් එකෙන් යන්න බැහැ. මේ වගේ කිහිපයක් දාගන්න ඕනෙ නම් පල්ලෙහාට පල්ලෙහාට දාන්න. මතක ඇතුව අන්තිම ඉලක්කම වෙනස් කරන්න. මෙන්න මේ වගේ


127.0.0.3 www.බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.4 www.තව බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.5 www.තවත් බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com


ඔන්න ඔය ව‍ගේ දාගෙන යන්න පුළුවන්. කරල බලන්න. මතක ඇතුව අන්තිමට මේක සේව් කරන්න.  


(සැ.යු - ඔබ ආධුනිකයෙක් නම් මෙම ෆයිල් එක (HOSTS) බැකප් කර මෙම ක්‍රියාව කර ගන්නා ලෙසත්, මෙය වැරදි ලෙස සිදු කර ඔබගේ පරිගණකයට සිදුවන කිසිදු හානියක වගකීම මම (උදාර නාමල්) ‍භාර නොගන්නා බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.)




බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!



කම්පියුටරේ රෙජිස්ටරේ.....






ඉතින් යහලුවනේ කොහොමද ? ඔන්න අද මම ඔයාලව පොඩ්ඩක් මේ රෙජිස්ට්‍රිය ගැන දැනුවත් කරන්න හිතුව. මොකද අපේ ගොඩක් යාලුවො මේ සම්බන්ධව දක්වන්නේ ඉතාම අඩු සැලකිල්ලක් ඇත්තටම මේ රෙජිස්ට්‍රිය තමා අපේ පරිඝණකවල ඇතිවන දෝෂ වලින් 90% කටම වග කියන්න ඕන. ඉතින් මේ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි නේ....


රෙජිස්ට්‍රි ගැටලු හඳුන්වාදීම


අපි අපේ එදිනෙදා පරිගණක සමග ක්‍රියාකිරීමේදී අපි විසින් යම් යම් මෘදුකාංග ස්ථාපනය කිරීම,යම් යම් මෘදුකාංග ඉවත් කිරීම, අන්තර්ජාලයේ සැරිසැරීම හා එහි ඇති යම් යම් ඇප්ලිකේෂන් සමග යම් යම් ක්‍රියාකාරීත්වයන් සිදු කිරීම කරනු ලබයි. මෙසේ අප කරන සෑම දෙයක්ම අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ට්‍රියේ එහෙමත් නැත්නම් පරිගණකයේ මෘදුකාංග හා දෘඩාංග මනා ක්‍රියාකාරීත්වයකින් සම්බන්ධීකරණය සඳහා ඇති මූලස්ථානයේ තොරතුරු ලෙස තැන්පත් වේ.



මෙම රෙජිස්ට්‍රිය, වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා වගකිව යුතු වන අතර එය ඔබේ පරිගණකයේ ඇති සියලුම ඇප්ලිකේෂන් සහ ඔබ විසින් සිදු කරන ලබන කාර්යයන් සඳහාද වගකිව යුතු අංගයක් වේ. ඉතින් මෙලෙස විටින් විට යම් යම් තොරතුරු එකතු කිරීම්, ඉවත් කිරීම් සිදු කිරීමේදී මෙම රෙජිස්ට්‍රියේ අනවශ්‍ය තොරතුරු හා registry holes(රෙජිස්ට්‍රියේ යම් ‍කොටසක ඇති තොරතුරු ඉවත් කිරීමෙන් පසු ඇතිවන ඉඩ) ඇති වෙයි. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ බෙහෝ විට malware, viruses, spyware, Trojans ඔබේ රෙජිස්ට්‍රිය වෙත දූෂ්‍ය තොරතුරු (malicious entries) මුදා හැරීම හෝ එහි ඇති තොරතුරු වෙනස් කිරීමකට ලක් කරනු ලබයි. මෙම සියලු කාරණා වලින් ඔබේ රෙජිස්ට්‍රිය වෙත අහිතකර බලපෑමක් ඇති වේ.


හානි වූ, දූෂ්‍ය වූ රෙජිස්ට්‍රියකින් ඔබේ පරිගණකයේ විවිධ පද්ධති දෝෂ ඇති කරනු ලබන අතර ඉන් ඔබේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයටද සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම අවස්ථාවන් වලදී ඔබ විසින් නිරන්තරයෙන්ම පද්ධති බිඳ වැටීම්(system crashes) හා පද්ධති ඇණ හිටීම් (system freezes) වලට ලක්වේ. 
ඔබේ පරිඝණකයේ ඇතිවන 90% පමණ ගැටලු ඇති වන්නේ මෙම වින්ඩොස් රෙජිස්ට්‍රිය හේතුකොටගෙන ඇතිවන ගැටලු පදනම් කොටගෙනය. පහත දැක්වෙන්නේ එවන් ගැටලු කිහිපයකි.

1. ඔබේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන වීම (performance loss)
2. නිතර සිදුවන පද්ධති දෝෂ (DLL දෝෂ, ActiveX දෝෂ, Rundllදෝෂ)
3. පද්ධති ආරම්භය (startup) හා අවසන් කිරීම (shutdown) මන්දගාමී වීම.
4. නිරන්තර සිදුවන පද්ධති බිඳ වැටීම්(system crashes).
5. රෙජිස්ට්‍රියේ Malware පැතිරීම.
6. මෙම තත්ත්ව ඉතා දරුණු වීමේදී ඔබේ හාර්ඩ් ඩිස්කය පවා බිඳ වැටීම දක්වාත් ගමන්කොට පරිගණකය boot කිරීමට පවා නොහැකි විය හැකිය.

ඉතින් මෙවන් වටිනා රෙජිස්ට්‍රිය රැක ගන්නේ කෙසේද ?



මෙය යථා තත්ත්වයේ පවත්වා ගැනීමට නම් ඔබ ඔබේ රෙජිස්ට්‍රිය අනවශ්‍ය තොරතුරු වලින් තොරව තබා ගත යුතුයි. මෙය කිරීම සඳහා දැනට යම් යම් සමාගම් විසින් ලෝක ව්‍යාප්තව බොහෝ මෘදුකාංග සකස් කර අන්තර්ජාලයේ බෙදා හැර ඇත.
උදා

1. Tuneup Utilities (registry cleaner)
2. CC Cleaner
3. Wise Registry Cleaner
4. Auslogics Registry Cleaner


මෙවැනි බොහෝ මෘදුකාංග මෙන්න මේ ලින්කුව භාවිතයෙන් බා ගත කර ගන්න
http://pcsupport.about.com/od/toolsofthetrade/tp/free-registry-cleaner-programs.htmඔබට මින් හොඳ මෘදුකාංගයක් භාවිතා කොට ඔබේ රෙජිස්ට්‍රිය මනාව පවත්වා ගැනීමේ හැකියාව ඇත.


මෙවන් මෘදුකාංගයකින් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද ?



ඔබේ රෙජිස්ට්‍රිය පරික්ෂා කොට එහි ඇති දූෂ්‍ය කොටස් හඳුනාගෙන ඒවා යථා තත්ත්වයන්ට පත් කිරී‍මෙන් වැරදි DLL වර්ග, යල් පැන ගිය සටහන් (entries), වැරදි ලෙස ඇති වැඩසටහන් shortcuts හා registry holes නැති කීරීම ආදී බොහෝ වැරදි යලි යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඔබ සතු වනු ඇත. ඔබේ පරිගණකමය අත්දැකීම් ඉතාමත් මිහිරි හා වේගවත් කිරීම සඳහා මෙම රෙජිස්ට්‍රිය නිරවද්‍යව තබා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් වන බවත්, අප සොයුර සොයුරියන් මීට වඩා මේ කරුණ සම්බන්ධව අවධානය යොමු කර කිසියම් හෝ මෘදුකාංගයක් මගින් තම තමන්ගේ රෙජිස්ට්‍රි පිරිසිඳුව හා යවාත්කාලීනව තබා ගන්න යැයි මතක් කරමින් අදට නවතිමි.


වැඩිදුර තොරතුරු ලබා ගත්තේ
GOOGLE දෙවියන්වහන්සේගෙනි.....